redrose.lk වෙබ්අඩවිය සඳහා වන කොන්දේසි සහ නියමයන්

(අවසන් යාවත්කාලීන කිරීම: 2025.08.25 දින)
redrose.lk වෙබ්අඩවිය භාවිතා කරන සියළුම දෙනා පහත කොන්දේසි සහ නියමයන්ට එකඟ වනු ඇත. ඔබ එම කරුනු වලට එකඟ නොවන්නේ නම් ඔබට redrose.lk වෙබ්අඩවිය භාවිතා නොකර සිටීමට සම්පූර්ණ අයිතිය ඇත.
  1. redrose.lk වෙබ්අඩවිය අයත් වනුයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් වන ලංකා බිස්නස් ඉංෆොමේෂන් සෙන්ටර් (පුද්ගලික) සමාගමට වේ.
  2. එහි ලියාපදිංචි අංකය PV86980 වන අතර සමාගම 2012 වසරේ ආරම්භ කරන ලද සමාගමකි.
  3. redrose.lk විවාහ යෝජනා සහ ආදර යෝජනා පමණක් පලකරනු ලබන වෙබ්අඩවියකි.
  4. එහි යම් යෝජනාවක් පලකිරීම, පල නොකිරීම හෝ පලකර ඉවත්කිරීම redrose.lk සතු පරම අභියෝග කල නොහැකි අයිතියකි.
  5. එමෙන්ම redrose.lk වෙබ්අඩවිය හෝ එහි සම්බන්ධිත සේවාවන් අවශ්‍යය ඕනෑම අවස්ථාවක නතර කිරීමේ අයිතිය, වෙනස් කිරීමෙ අයිතිය redrose.lk සතුය. ඒ සම්බන්ධව කුමන හෝ පාර්ශවයකට කිසිදු ගෙවීමක්, ප්‍රතිපූර්ණයක් redrose.lk මගින් හෝ එහි අනුබද්ධ ආයතන මගින් ලබා දෙනු නොලැබේ.
  6. යම් දැන්වීමක් පල කිරීම මත සිදුවන කවර හෝ පසු ප්‍රථිඵලයකට මූල්‍යමය අලාභයකට, අගතියකට වෙනත් තත්වයකට redrose.lk, එහි අනුබද්ධ ආයතන හෝ එහි කාර්ය මණ්ඩලය කිසිඳු වගකීමක් දරණු නොලැබේ.
  7. redrose.lk හි පලවන ඕනෑම දැන්වීමක එය පල කිරීම මිස ඒ සමඟ වෙනත් කිසිඳු සම්බන්ධතාවයක්, වගකීමක් redrose.lk දරනු නොලැබේ.
  8. redrose.lk හි පලවන ඕනෑම දැන්වීමක කිසිදු තොරතුරුක් වෙනත් අවශ්‍යතාවයක් සඳහා පිටපත් කිරීම, රැස් කිරීම තහනම් වේ.
  9. redrose.lk සතු පුද්ගල සහ වෙනත් තොරතුරු නීතිමය අවශ්‍යතාවයකදී හැර වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දෙනු නොලැබේ.
  10. වෙනත් පාර්ශවයක් විසින් අනවසරයෙන් යම් අයෙකුගේ තොරතුරු, ඡායාරූප ඇතුලත් කරන ලද අවස්ථාවන්හිදී ඔබට info@online.lk  ඊමෙල් ලිපිනයට දැනුම් දිය හැකි අතර වහාම අදාල දැන්වීම නිසි විමර්ශනයක් කරන තුරු ප්‍රදර්ශනය වීම අත්හිටවනු ඇත. එහෙත් එවැනි අවස්ථාවක සිදුවන කවර හෝ අගතියකට redrose.lk වග කියනු නොලැබේ. .
  11. ප්‍රදර්ශනය වන දැන්වීමක් redrose.lk හි උපදෙස් වල සඳහන් පරිදි නියමිත කාලය ඉක්මවා යාමෙන් පසු ඕනෑම දිනක ප්‍රදර්ශනය වීම නතර වනු ඇත.
  12. යම් දැන්වීමක් ප්‍රදර්ශනයෙන් ඉවත් වීමට පෙර එය පලකර තැනැත්තාට ඉවත් කිරීමට අවශ්‍ය වේ නම් අදාල දැන්වීමෙහි ඔබගේ ජංගම දුරකතන අංකය ලෙස සඳහන්ව ඇති ජංගම දුරකතන අංකයෙන් DELETE ලෙස සඳහන් කර 0 705 750 750 ට SMS එකක් එවන්න. එවිට හැකි ඉක්මනින් අදාල දැන්වීම ඉවත් කිරීමට කටයුතු කරනු ඇත. මේ පිළිබඳව දුරකතන ඇමතුම් හෝ WhatsApp පනිවුඩ එවීමෙන් වැලකිය යුතුය.
  13. එවැනි දැන්වීමක් ඉවත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එය පල කල තැනැත්තාට හෝ ඒ සම්බන්ධිත තැනැත්තෙකුට සිදුවන කවර හෝ අගතියකට redrose.lk හෝ එහි කාර්ය මණ්ඩලය වග කියනු නොලැබේ.
  14. redrose.lk හි ගෙවන ලද දැන්වීම් වෙනුවෙන් ගෙවන ලද කිසිදු මුදලක් නැවත ගෙවනු නොලැබේ.
  15. redrose.lk හි නියමිත දැන්වීම් පල කිරීමට අයිතිය ඇත්තේ වයස අවුරුදු 20 ට වැඩි තැනැත්තන්ට පමණි.
  16. redrose.lk හි පල වන දැන්වීම් වල පවතින විස්තර සහ තොරතුරු වල සත්‍ය අසත්‍ය‍භාවය පිලිබඳව redrose.lk සොයා බලනු නොලැබේ. ඒ පිළිබඳව redrose.lk කිසිදු අන්දමේ වගකීමකට බැඳී නොමැත.
  17. redrose.lk හි පලවන දැන්වීමක් හේතුවෙන් කවර හෝ පාර්ශවයකට ඇතිවන මූල්‍යමය හෝ වෙනත් අගතියකට, අලාභයකට redrose.lk වග කියනු නොලැබේ.
  18. කාලීනව මෙම නියමයන් සහ කොන්දේසි යාවත්කාලීන කරනු ඇත.

 

Terms and Conditions for redrose.lk Website

(Last updated: 2025.08.25)

 

All users of the redrose.lk website agree to the following terms and conditions. If you do not agree to these terms, you have the full right not to use the redrose.lk website.
  1. The redrose.lk website belongs to Lanka Business Information Center (Private) Company, a registered company in Sri Lanka.
  2. Its registration number is PV86980 and the company was established in 2012.
  3. redrose.lk is a website that publishes only marriage proposals and love proposals.
  4. It is the absolute and unchallengeable right of redrose.lk to post, not post or remove any proposal.
  5. Also, redrose.lk reserves the right to stop or change the redrose.lk website or its related services at any time. No payment or compensation will be made to any party in this regard by redrose.lk or its affiliates.
  6. redrose.lk, its affiliates or its staff shall not be liable for any financial loss, damage or other consequences arising from the posting of any advertisement.
  7. redrose.lk shall not be liable for any other connection or liability with any advertisement posted on redrose.lk other than the posting of the advertisement.
  8. Copying or collecting any information from any advertisement posted on redrose.lk for any other purpose is prohibited.
  9. Personal and other information owned by redrose.lk will not be provided to any other party except in the event of a legal requirement.
  10. In cases where another party has entered someone’s information or photos without permission, you can inform us at info@online.lk and the relevant advertisement will be immediately suspended from being displayed until a proper investigation is conducted. However, redrose.lk shall not be liable for any damages incurred in such a case. .
  11. An advertisement displayed shall cease to be displayed on any day after the expiry of the specified period as stated in the instructions of redrose.lk.
  12. If the person who posted an advertisement wishes to remove it before it is removed from display, please send an SMS to 0 705 750 750 with the word DELETE from the mobile number mentioned in the relevant advertisement. The relevant advertisement will then be removed as soon as possible. Please refrain from making phone calls or sending WhatsApp messages in this regard.
  13. redrose.lk or its staff shall not be liable for any damages incurred by the person who posted such an advertisement or any person associated with it due to the delay in removing it.
  14. No amount paid for advertisements paid on redrose.lk will be refunded.
  15. Only persons above the age of 20 are entitled to post advertisements on redrose.lk.
  16. redrose.lk does not verify the accuracy of the information and details contained in advertisements published on redrose.lk. redrose.lk is not responsible for any such information.
  17. redrose.lk shall not be liable for any financial or other loss or damage suffered by any party as a result of any advertisement published on redrose.lk.
  18. These terms and conditions will be updated from time to time.